නික්ම යාමට නියමිත රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කර්නල් දිමිත්රි මහයිලොව්ස්කි මහතා පසුගිය ජුලි 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
ඉන් අනතුරුව ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, නාවික හමුදාධිපතිතුමන් විසින් එතුමාගේ ධූර කාලය තුළ නාවික හමුදාවට දක්වන ලද සහාය පිළිබඳව එතුමා වෙත සිය ස්තුතිය පිරිනමන ලදී. ඉන් අනතුරුව ඔවුන් සුහද කථාබහක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.


