නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය ජුලි 03 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “නෙලී දුව” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (ජුලි 20) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහාය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, රෝගියා රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ඒ අනුව, ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුවේ සිට නාවික සැතපුම් 160 ක් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දිය වෙරළාරක්ෂක නෞකා ‘සාරංග්’ නෞකාවේ ද සහාය ඇතිව රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණය වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඉන් අනතුරුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය, මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.








