බේරේ වැව සහ ඒ අවට ඇළ මාර්ග පිරිසිදු කිරීමට නාවික හමුදාවේ සහාය
කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය අතිපුජ්‍ය ගල්බොඩ සිරි ඥාණිස්සර නාහිමිපාණන්ගේ උපදෙස් පරිදි බේරේ වැව සහ ඒ අවට ඇළමාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඊයේ (ජුලි 22) කොළඹ පුරපතිනි, රෝසි සේනානායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
හුණුපිටිය ගංගාරාමය සිමාමාලකය අසලින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන සඳහා කොළඹ මහ නගර සභාව, ස්වේච්ජා සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින් නාවික හමුදා බටහිර නාවික විධාන මූලස්ථානයේ කපිතාන් මෙහෙයුම් නිලධාරි (බටහිර), කපිතාන්, නිලන්ත හේවාවිතාරණ මහතා ඇතුළු බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්, මැරීන් බළකා සහ නාවික කිමිදුම් අංශයට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී විය.





