ශ්රී ලංකා නාවික නෞකා ‘රණවිජය’ නෞකාව සිය 24 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා නාවික හමුදාව සතු භාණ්ඩ ප්රවාහන නෞකාවක් වන ශ්රී ලංකා නාවික නෞකා රණවිජය නෞකාව පසුගිය ජූලි 21 සිය අභිමානවත් 24 වන සංවත්සරය සමරන ලදී.
ඒ අනුව, 24 වන නෞකා දිනය වෙනුවෙන් පසුගිය 21 වන දින ශ්රී ලංකා නාවික හමුදා සම්ප්රදායන්ට මුල් තැන දෙමින් නෞකාවේ අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් ප්රසන්න කුරේ මහතා විසින් කන්කසන්තුරෙයි, උතුරු ජැටියේදී අංශ පිරික්සුම පැවැත්වීමෙන් අනතුරුව, අණදෙන නිලධාරීතුමා, විධායක නිලධාරී තුමා ඇතුළු නැව් මුළුවේ සහභාගීතවයෙන් මංගල භෝජන සංග්රහ චාරිත්රයද පැවැත්වීමට කටයුතු කරන ලදී. පසුව එදින සංද්යාවේ ශ්රි ලංනානෞ උත්තර ආයතනයේ පිහිටි තිස්ස විහාරස්ථානයේදී බෝධි පුජාමය පිංකමක් සිදු කිරීමෙන් අනතුරුව සංවත්සර දින සැමරුම් වැඩසටහන නිමාවට පත්විය.











