“බොස්ටන්” නෞකාවේ අනතුරට පත්වු රුසියානු ජාතිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරයි.
අද (ජුනි 23) මුහුදේදී අනතුරට පත්වු රුසියානු ජාතිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්ර’ නෞකාව මගින් කටයුතු කරන ලදි.
ගිනි සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරන “බොස්ටන්” නැමති වෙළෙඳ නෞකාවේ කාර්යමණ්ඩලයට අයත් රුසියානු ජාතිකයෙකු අනතුරකට ලක්වී පාදයට බරපතල ලෙස හානිවී ඇති බවට කොළඹ සාගරික මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් නාවික හමුදාව වෙත කරන ලද දැනුම් දීමෙන් අනතුරුව ක්ෂණිකව ක්‍රියාත්මක වු නාවික හමුදාව අණතුරට පත් වු පුද්ගලයා ප්‍රථිකාර සඳහා ගොඩබිම වෙත රැගෙනඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘නන්දිමිත්ර’ නෞකාව පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.
ඒ අනුව, ගාලු ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 146 ක් ඔබ්බෙන් වු මුහුදු සීමාවේදී රෝගියා නන්දිමිත්ර නෞකාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව නෞකාවේ වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කරන ලදී. අනතුරුව ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනය වෙත රැගෙන ආ රුසියානු ජාතික රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කඩිනමින් කරාපිටිය, මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.







