ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘Navy.lk’ රාජ්‍ය අංශයේ වෙබ් අඩවි අතරින් සම්මාන හිමිකර ගනී
ශ්‍රී ලංකාවේ හොදම වෙබ් අඩවිය තේරීමේ තරගාවලිය “Best Web 2018” ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා නිල වෙබ් අඩවිය වන ‘navy.lk’ වෙබ් අඩවිය රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවියට හිමි සම්මානය සහ රාජ්‍ය අංශයේ හොදම වෙබ් අඩවි අතරින් තෙවන ස්ථානයට හිමි සම්මානය ද හිමි කරගනිමින් නාවික හමුදාවට කීර්තියක් අත්කර දීමට සමත් වන ලදී. ඒ අනුව අධ්යක්ෂ නාවික තොරතුරු තාක්ෂණ, නියෝජ්‍ය අධ්‍යක්ෂක තොරතුරු තාක්ෂණ සහ වෙබ් සහ පිටු සැකසුම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරීන්, මාණ්ඩලික නිළධාරීන් නාවික හමුදා මූලස්ථානයේ දී අද දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ඇගයීමට ලක් විය.
ඒ සදහා වු සම්මාන ප්‍රධානෝත්සවය කොළඹ ගලදාරි හෝටලයේදී ජූලි මස 18 දින පවත්වන ලද අතර, මෙම සම්මාන ප්‍රධානෝත්සවය සදහා නාවික හමුදාව නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ කපිතාන් සීවි රණවීර, තොරතුරු තාක්ෂණ අංශයේ වෙබ් හා පිටු සැකසුම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිළධාරී ලුතිනන් කොමාන්ඩර් ඩිවයිආර්ආර් වීරසේකර හා මාණ්ඩලික නිළධාරී ලුතිනන් කොමාන්ඩර්, ඒඩීවයි ද අල්විස් යන නිළධාරීන් එක්විය.











