එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් කලාපය භාර ප්රධානී, නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
එක්සත් ජනපද යුද්ධ හමුදා පැසිෆික් කලාපය භාර ප්රධානී, ජෙනරාල් රොබට් බ්රවුන් මහතා අද (ජුලි 23) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා විසින් නාවික හමුදා මුලස්ථානය වෙත එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, නාවික සම්ප්රදායානුකූලව විශේෂ සම්මාන ආචාර මුරයක්ද පිරිනමන ලදී.
ඉන් අනතුරුව එතුමා නාවික හමුදාධිපති තුමන් සමඟ සුහද පිසඳරක නිරත වු අතර, ද්වීපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයත් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.






