නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 76 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 76 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වීම, ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවීම සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් මැරීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 16 වන දින පේදුරුතුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 11 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 02 ක්, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පේදුරුතුඩුව ධීවර දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.
පසුගිය ජුලි 16 වන දින නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පුදුමාතලන් මුහුදු වෙරළ ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් මසුන් මැරූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සතුව තිබූ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 1350 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයා සහ මසුන් තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව පසුගිය ජුලි 16 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක්, මුලතිව්, ධිවර පරීක්ෂක සහ කොකිලායි පොලීසිය සමග එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරතවු පුදුගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ ඩිංගි යාත්‍රා 06 ක් සහ තහනම් දැල් 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, තහනම් දැල් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව්, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
පසුගිය ජුලි 17 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පුල්මුඩෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 06 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 64 ක්, ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැලක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රාව සහ තහනම් දැල, ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි(දකුණ), ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 17 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට ඔබ්බෙන් වු කළපු පුදේශයේදී ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධීලෙස ධීවර කටයුතුවල නිරත වු පුදුගලයින් 14 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන මුහුදු කූඩැල්ලන් 210 ක්, ඩිංගි යාත්‍රාවක් සහ කුඩා වල්ලම් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාව සහ වල්ලම් යාත්‍රාව, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර අධ්‍යක්ෂක ධීවර හා ජලජ සම්පත් වෙත භාර දීමට කටයුතු කරන ලදී.
පසුගිය ජුලි 18 වන දින නැගෙන හිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් ඇලස්වත්ත මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 18 ක් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 25 ක්, ඩිංගි යාත්‍රා 03 ක් සහ තහනම් දැල් 04 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, අල්ලන ලද මසුන් තොගය, ඩිංගි යාත්‍රා සහ තහනම් දැල්, ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
පසුගිය ජුලි 18 වන දින නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් මඩකළපුව, කළපු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී නීති විරෝධී දැල් 50 ක් සොයාගෙන ඇති අතර, එම දැල් ඉදිරි නීතිමය කටයුතු සඳහා මඩකළපුව, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.
තවද, උතුරු නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් පසුගිය ජුලි 19 වන දින ගුරුනගර් ජැටිය සිට පුපුරණ ද්‍රව්‍ය භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 22 ක්, ඩිංගි යාත්‍රාවක් සහ තහනම් දැල් 02 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, මසුන් තොගය, ඩිංගි යාත්‍රාව සහ තහනම් දැල්, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, සහකාර අධ්‍යක්ෂක ධීවර හා ජලජ සම්පත් වෙත භාර දීමට කටයුතු කරන ලදී.
























