මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 07දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩව් යාත්‍රා 02 ක් ඊයේ (ජුලි 23) නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ වෙරළආරක්ෂක යාත්‍රාවක් මඟින් කන්කසන්තුරෙයි ප්‍රදීපාගාරයට වයඹ දෙසින්, නාවික සැතපුම් 10.5 ක් ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් සහ ඩව් යාත්‍රාවන්, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.











