බටහිර නාවික විධානය ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන සමාජ සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් විසින් අද (අගෝස්තු 07) කොළඹ, නාවික මහ රෝහල පරිශ්‍රයේදී ලේ දන්දීමේ කඳවුරක් පවත්වන ලදි.
රාගම, ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේ රුධිර අවශ්‍යතාවය සපුරාලීම සඳහා පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම උතුම් කාර්යය සිදු කරන ලදී. බටහිර නාවික විධානයට අයත් නෞකා, යාත්‍රා සහ ආයතනවලට අනුයුක්ත නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් එම ලේ දන්දීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ.
රාගම, ශික්ෂණ රෝහලේ රුධිර අවශ්‍යතා ඇති රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා රාගම ශික්ෂණ රෝහලේ රුධිර බැංකුවේ කාර්යය මණ්ඩලයේ නොමද සහාය ද ලබා දෙන ලදී.








