ඉසින්බැස්සගල තේක්ක රක්ෂිතයේ ඇති වූ ගින්න නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
මැදවච්චිය, ඉසින්බැස්සගල තෙක්ක රක්ෂිතයේ හටගත් ගින්නක් මුළුමනින්ම නිවා දැමීමට නාවික හමුදා ගිණි නිවීමේ කණ්ඩායමක් ඊයේ (අගෝස්තු 09) සමත් විය. එම ප්‍රදේශයේ තේක්ක රක්ෂිතය ආශ්‍රිතව විශාල ගින්නක් හට ගෙන ඇති බවට වන සංරක්ෂණ දෙපාර්තමේනතුව මඟින් නාවික හමුදා මුලස්ථානය වෙත දැනුම් දීමෙන් අනතුරුව ඒ සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත එම ගිණි නිවීමේ කණ්ඩායම සඳහා ගිණි නිවිමේ රථයක්, වතුර බවුසර් කිහිපයක් සහ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව නාවික පුද්ගලයින් 37 දෙනෙකු ඇතුළත් විය. එහිදී, ඔවුන් විසින් මහත් පරිශ්‍රමයක් දරමින් එම ප්‍රදේශය පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත් විය.











