ලංකා තැලසීමියා කවයේ කෘතඥතාවය නාවික හමුදාවට
ලංකා තැලසීමියා කවයේ සාමාජිකයින් විසින් තැලසීමියා රෝගීන් වෙනුවෙන් නාවික හමුදාව සිදුකරනු ලබන සේවය ඇගයීම සඳහා ගෞරවයක් ලෙස සිහිවටනයක් ප්රදානය කිරීම අද (අගෝස්තු 10) දින නාවික හමුදා මුලස්ථානයේදී සිදුකරන ලදි.
ශ්‍රී ලංකාව පුරා සිටින දහස් සංඛ්‍යාත තැලසීමියා රෝගී දරුවන්ගේ ශරීරයේ අමතරව තැම්පත් වන යකඩ ඉවත් කිරීම සඳහා භාවිතා කරන ‘ඩෙස්ෆරිඔක්ෂමින්’ එන්නත් කිරීමේ යන්ත්‍රය අති නවීන තාක්ෂණයෙන් යුක්තව නිෂ්පාදනය කර නොමිලේ රෝගී දරුවන් හට ලබා දීමට කටයුතු කිරීම වෙනුවෙන් කෘතගුණ සැළකිමක් වශයෙන් ඔවුන් විසින් නිර්මාණය කරන ලද මෙම සිහිවටනය නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වෙත ප්රදානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ලංකා තැලසීමියා කවයේ ගරු සභාපති නාමල් ප්‍රේමරත්න මහතා ඇතුළු තැලසීමියා රෝගීන්ගේ දෙමාපියන් පිරිසක්ද සහභාගී විය.





