ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාව (JCET) සාර්ථකව නිමාවට පත්වේ
ශ්‍රී ලංකා නාවික හමුදා, විශේෂ යාත්‍රා බලඝණය මගින් සංවිධානය කරන ලද ඒකාබද්ධ පුහුණු හුවමාරු පාඨමාලාවේ සහතිකපත් ප්රදානය කිරීම ඊයේ (අගෝස්තු 10) ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ 36 ක්, 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ 26 ක් සහ එක්සත් ජනපද නාවික හමුදා විශේෂ සටන් බලකායේ සාමාජිකයින් පිරිසක්ද එක්ව පසුගිය ජුලි 17 ආරම්භ කළ මෙම පාඨමාලාව සති 04 ක කාලසීමාවක් පැවති අතර, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර, පුහුණුව හා ආධාරක අවශ්‍යතා සම්බන්ධයෙන් අන්‍යේන්‍ය අවබෝධය සහ එකඟතාවයෙහී ප්රථිඵලයක් වශයෙන් වාර්ෂිකව මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබේ. මෙහිදී සාර්ථකව පුහුණුව නිමා කළ සියළු දෙනොටම සහතික පත් ප්රදානය කළ අතර, මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කරමින් සමරූතිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
මෙම සහතිකපත් ප්‍රදානොත්සවය සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, කොමදෝරු ආනන්ද ගුරුගේ, නැගෙනහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු නන්දන ජයරත්න, 4 වන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරි, කපිතාන් ඩේමියන් ප්‍රනාන්දු, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කපිතාන් අරුණ වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නැගෙනහිර නාවික විධානයේ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගීව සිටියහ.

















