කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සහ ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා විසින් අද (අගෝස්තු 11) වැලිසර ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.
ස්වේච්ඡා නාවික හමුදාවේ හිටපු අණදෙන නිලධාරී කොමදෝරු (ස්වේ), ඩබිඑම්ජේබී විජේකෝන් විසින් ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී නිල වශයෙන් එතුමන් වෙත සිය ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි.
කපිතාන් (ස්වේ) ටෝනි පෙරේරා, 1992 වසරේ මාර්තු 16 වන දින ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට බැඳී විවිධ ගොඩබිම් නාවික ආයතන වලට අනුයුක්තව පත්වීම් ගණනාවක රාජකාරීන් සිදු කර ඇති අතර, ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී ලෙස පත්වීම් ලැබීමට පෙර නියෝජ්‍ය අධ්යක්ෂ (කෘෂි ව්‍යාපෘති) වශයෙන් නාවික හමුදා මුලස්ථානයට අනුයුක්තව රාජකාරී සිදු කර ඇත.
මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා නාවික නෞකා ලංකා සහ ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී විය.












