මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු සහ ඔවුන්ට අයත් ධීවර යාත්‍රා 04 ක් (ඩව් වර්ගයේ යාත්‍රා ) ඊයේ (අගෝස්තු 10) පස්වරු 0500 ට පමණ නාවික හමුදා භාරයට ගන්නා ලදී. උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක නෞකාවක් මඟින් උතුරු මුහුදු දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය ධීවරයින් සහ ඩව් යාත්‍රාවන්, අද (අගොස්තු 11) ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කළ අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා ශ්‍රි ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.






