නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය
පසුගිය දිනයන් හිදී ප්රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන් නීති විරෝධී කටයුතුවල නිරත වීම යන හේතූන් මත නාවික හමුදා භාරයට ගෙන ඇත.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 06 වන දින ෆවුල් තුඩුව මුහුදු ප්රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී තහනම් දැලක් සහ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්රිකුණාමලය, සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණි.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් පසුගිය අගෝස්තු 07 වන දින පල්ලියවාසල්කුඩා මුහුදු ප්රදේශයේ සැකකටයුතු ලෙස යාත්රාවක් පරීක්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී බීඩිකොළ කීලෝග්රෑම් 417 සහ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින්, බීඩිකොළ තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ, රේගු දෙපොර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරුණි.
පසුගිය අගෝස්තු 11 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් එලිසබෙත් දුපතට ඔබ්බෙන් වු මුහුදු ප්රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබී අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 04 ක්, තහනම් දැල් 02 සහ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, තහනම් දැල, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය, සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණි.
වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ පුත්තලම, ධිවරපරීක්ෂක සමග සම්බන්ධවී පසුගිය අගෝස්තු 11 වන දින උලිච්චාන්කුලම් ප්රදේශයේදී සීදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස හක් බෙල්ලන් රැස්කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ රැස්කරන ලද හක් බෙල්ලන් 1960 ක ප්රමාණයක් ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරුණි.












