‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාවේ අණදෙන නිලධාරී නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
සිව් දින නිළ සංචාරයක් සඳහා මෙරටට සේන්දු වූ පකිස්ථාන නාවික හමුදාවට අයත් ‘ඩෙසිග් පීඑම්එස්එස් කාශ්මීර්’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන්, අෂාර් මහමුද් මහතා අද (අගෝස්තු 13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.
එහිදී, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලි මහතා ද සහභාගී විය.




