මුහුදේ සිට මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණය වෙත තෙල් ගෙන යන ඉන්ධන නලයක ඊයේ (සැප්තැම්බර් 08) සිදු වූ තෙල් කාන්දුවීමක් හේතුවෙන් දික්ඕවිට ප්රදේශයට සිදුවීමට ගිය විශාල පරිසර හානිය අවම කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව තෙල් ඉවත් කිරීමේ කටයුතු සිදු කරමින් සිටී.