ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ දික්වැල්ල පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (පෙබරවාරි 16) මාතර, දික්වැල්ල ප්රදේශයේ සිදු කළ වැටලීමක දී ගංජා ග්රෑම් 120 ක් ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයින් කෝට්ටේගොඩ සහ දික්වැල්ල යන ප්රදේශ වල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ ගංජා ප්රමාණය ඉදිරි කටයුතු සඳහා දික්වැල්ල, පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ දිවයින පුරා සිදුකරනු ලබන මෙම වැටලිම් හේතුවෙන් ශ්රී ලංකාව තුල නීති විරෝධි ජාවරම් සිදුකරන ජාවාරම් කරුවන් හට දැඩි තරජනයක් විඇති අතර, ඉදිරියටද මැවැනි නීති විරෝධී කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව කටයුතු කරනු ඇත.


