වැදගත් සිදුවීම්
නාවික හමුදාව රෝගී වූ ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

ත්‍රිකුණාමලය, ධීවර වරායෙන් පසුගිය මාර්තු 05 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘රන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (මාර්තු 09) වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.
10 Mar 2019
නාවික මෙහෙයුමකින් උතුරු මුහුදේදී බීඩී කොළ කිලෝග්‍රෑම් 312.5 ක් සොයා ගැනේ

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (මාර්තු 09) අනලතිව් දුපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ගොස් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 312.5 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.
10 Mar 2019
අනුරාධපුර, මධ්‍ය විද්‍යාලීය CENEX 2019 අධ්‍යාපනික ප්‍රදර්ශණය සඳහා නාවික හමුදා දායකත්වය

අනුරාධපුර, මධ්‍ය විද්‍යාලය විසින් සංවිධානය කල අධ්‍යාපනික ප්‍රදර්ශනය පසුගිය මාර්තු මස 06 වන දින සිට 08 වන දින දක්වා විද්‍යාලීය භූමියේදී පැවැති අතර, නව ලොවට ගැලපෙන පුර්ණ පෞරුෂයකින් යුත් විශිෂ්ඨ පුරවැසියන් බිහි කිරීම පෙරදැරි කර ගනිමින් මෙම ප්‍රදර්ශනය පැවැත්විමට කටයුතු යොදා තිබුණි.
09 Mar 2019
නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු (03) නාවික හමුදා අත්අඩංගුවට

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (මාර්තු 08) ත්‍රිකුණාමලය, මලෙයිමුන්දල් මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.
09 Mar 2019
ලෝක කාන්තා දිනය සැමරීමේ ජාතික උත්සවයට නාවික හමුදා දායකත්වය

ජාත්‍යන්තර කාන්තා දිනය - 2019, ජාතික සැමරුම් උත්සවය ඊයේ (මාර්තු 08) අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
09 Mar 2019