පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 09) වලෙයිපාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 1233 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.
එම මසුන් තොගය අලෙවි කිරීම සඳහා කැබ් රථයක් තුල සුදානම් කර තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට පත් පුද්ගලයින්, මසුන් තොගය සහ කැබ් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය, සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.



