රියර් අද්මිරාල් සුජිව පෙරේරා ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගනී
රියර් අද්මිරාල් සුජිව පෙරේරා අද (මාර්තු 11) ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී. රියර් අද්මිරාල් සුජිව පෙරේරා වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් ස්වේච්ජා නාවික හමුදා මුලස්ථානය වෙත පිළිගත් අතර, ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ශ්රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේ ආඥාපති කාර්යාලයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් සුජිව පෙරේරා වෙත භාර දීම සිදු කෙරිණි.
එමෙන්ම මීට පෙර රියර් අද්මිරාල් සුජිව පෙරේරා වයඹ නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරී සිදු කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ස්වේච්ජා නාවික හමුදාවේ සහ ශ්රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් ටෝනි පෙරේරා ද එක්විය.











|