තහනම් ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (මාර්තු 26) ත්රිකුණාමලය, නොර්වේ දුපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශය ආශ්රිතව සිදු කළ මුර සංචාරයක් අතරතුරදී නිතිවිරෝධී ධීවර දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් පස්දෙනෙකු (05) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 20, 31, 33, සහ 40 වන වියෙහි පසුවන කින්නියා ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ඔවුන් සතුව තිබූ මීටර් 225 ක් දිගින් යුත් තහනම් දැලක්, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 02 ක්, අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 1291 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්රා, තහනම් ධීවර දැල, අල්ලන ලද මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ශ්රී ලංකා වෙරළාරක්ෂක බලකාය හරහා ත්රිකුණාමලය, සහාකර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදි.








|