ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් ඕස්ට්‍රේලියානු නාවික හමුදා ‘කැන්බරා’ නෞකාවේ සංචාරයක
‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහන සඳහා සහභාගිවිමට පසුගිය මාර්තු 23 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වු ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් ‘කැන්බරා’ නෞකාවේ නිරික්ෂණ චාරිකාවක නිරත විමට ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් හට ඊයේ (මාර්තු 26) කොළඹ වරාය පරිශ්‍රයේදී අවස්ථාව උදාවිය.
ඒ අනුව, එම නෞකාවේ ඇති යුද උපකරණ සහ නෞකාවේ ඉතිහාසය පිළිබදව දැනුවත් කරන ලද අතර, නෞකාවේ ඇති කුඩා යාත්‍රා මගින් මුහුදු සංචාරයක් සිදුකිරීමෙන් අනතුරුව නෞකාව සතු හෙලිකොප්ටර් යානා මගින් භාණ්ඩ හුවමාරු කිරීමේ පෙරහුරුවක් ද පවත්වන ලදි.











|