කොළඹ තුන්වන හරස් විදියේ රෙදිපිළි අලෙවිසැලක ඇති වූ ගින්නක් නිවා දැමීම සඳහා නාවික හමුදා සහාය
කොළඹ, තුන්වන හරස් විදියේ පිහිටි රෙදිපිළි අලෙවිසැලක හදිසියේ හටගත් ගින්නක් නිවා දැමිමට නාවික හමුදා ගිනි නිවිමේ කණ්ඩායමක් අද ( අප්‍රේල් 03) සහාය ලබා දෙන ලදී. ඒ අනුව එම ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලක විශාල ගින්නක් හට ගෙන ඇති බවට කොළඹ, කොටුව පොලිසිය විසින් සිදුකළ දැනුම් දිමෙන් අනතුරුව ඒ සඳහා නාවික හමුදා ගිනි නිවීමේ කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
ඒ අනුව බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයට අනුයුක්ත ගිනි නිවිමේ කණ්ඩායම සඳහා ගිනි නිවීමේ රථයක්, වතුර බවුසර්යක් සහ නාවික පුද්ලගලයින් 11 දෙනෙකු ඇතුළත් විය. තවද, එම ගින්න නිවා දැමිම සඳහා කොළඹ මහ නගර සභාවේ සහ කොළඹ වරායේ ගිනි නිවීමේ කණ්ඩායම් දෙකක් ද එක්ව සිටි අතර, එහිදී ගිනි නිවිමේ කණ්ඩායම් එක්ව මහත් පරිශ්‍රමයක් දරමින් එම වෙළෙඳසැල පුරා ව්‍යාප්ත වෙමින් තිබූ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත් විය.







