උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රියර් අද්මිරාල් කපිල සමරවීර වැඩ භාර ගනී.
රියර් අද්මිරාල් කපිල සමරවීර අද (මැයි 28) උතුරු නාවික විධාන මූලස්ථානයේදී උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
ඒ අනුව උතුරු නාවික විධානය භාර ආඥාපති වශයෙන් කටයුතු කළ රියර් අද්මිරාල් මෙරිල් වික්රමසිංහ විසින් ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පිහිටි උතුරු නාවික විධාන මූලස්ථානයේදී එම ධූරයේ රාජකාරීන් රියර් අද්මිරාල් කපිල සමරවීර වෙත භාර දීම සිදු කෙරිණි. උතුරු නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් කපිල සමරවීර දකුණු නාවික විධානය භාර ආඥාපති වශයෙන් රාජකාරි කටයුතු කරන ලදි.
වැඩ භාර ගත් නව ආඥාපති වෙත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උතරු නාවික විධානය වෙත පිළිගත් අතර, එම විධානය භාරව රාජකාරි කළ රියර් අද්මිරාල් මෙරිල් වික්රමසිංහ නැගෙනහිර නාවික විධාන භාර ආඥාපති වශයෙන් වැඩභාර ගැනීමට නියමිතව ඇත. ඒ අනුව හිටපු ආඥාපති වෙත උතුරු නාවික විධානයේ නිලධාරීන් විසින් සුභ පැතීමෙන් අනතුරුව නාවික සම්ප්රදායානුකූලව සම්මාන ආචාර මුරයක් පිරිනමමින් සමුදීම සිදු කරන ලදී.














