නාවික හමුදාව ලෝක ජල මානක දිනය සමරයි
2019 ජුනි 21 වන දිනට යෙදෙන ලෝක ජල මානක දිනයට සමගාමිව ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශය විසින් නාවික හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් අද (ජුනි 20) කොළඹදී පැවැත්විණි.
ඒ අනුව නාවික හමුදාධිපතිතුමා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදා ජල මානක විද්‍යා අංශයේ ප්‍රධානී, රියර් අද්මිරාල් සිසිර ජයකොඩි ඇතුළු නාවික හමුදා ජල මානක විද්‍යා ඒකකය විසින් ජල මානක කටයුතු සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලද අතර, මෙම වැඩසටහන කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්වණි. තවද, මෙවර ලෝක ජල මානක දිනයේ තේමාව වන්නේ ‘ජල මානක තොරතුරු මත පදනම් වූ සාගරික දැනුම’ යන්නයි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ඇතුළු නාවික හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම නාවික හමුදා ජල මානක විද්‍යා අංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් ද සහභාගිවි සිටියහ.
|
|










