බීඩි කොළ කිලෝග්‍රෑම් 70 ක් නාවික හමුදාව සොයා ගැනේ
නාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් 2019 ජූලි 21 වන දින කල්පිටිය, බත්තලන්ගුංඩුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි බීඩි කොළ කිලෝග්‍රෑම් 70 ක් සොයා ගෙන ඇත.
ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් බත්තලන්ගුංඩුව ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි වෙරළට ගොඩගසා තිබි මෙම බීඩි කොළ තොගය මෙලෙස සොයා ගෙන ඇති අතර, ඒවා පාර්සල් දෙකක අසුරා තිබි ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොළඹ, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.
තවද, නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරාම වයඹ නාවික විධානය තුල සිදු කළ මෙහෙයුම් හේතුවෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරනු ලැබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1200 ක් සොයා ගැනීමට සමත් වීය. එමෙන්ම දිවයින පුරා ආවරණය වන පරිදි නාවික හමුදාව සිදු කරනු ලැබූ වැටලීම් සහ සෝදිසි කිරීම්වලදි නීති විරෝධි මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට ද සමත්ව ඇත.
|
|







