අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබූ නීති විරෝධි දැල් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව, පොලිසිය සහ ධීවර පරික්‍ෂක කාර්යලය එක්ව 2019 ඔක්තෝබර් 08 වන දින ත්‍රිකුණාමලය, තෝපුර් ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට යොදා ගන්නා නීති විරෝධි දැල් 09 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානය, මුතුර්, පොලිසිය සහ මුතුර් ධීවර පරික්‍ෂක කාර්යාලය එක්ව තෝපුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා මෙම නීති විරෝධි දැල් හමුවී ඇති අතර, ඒවා වෙළඳසැලක් තුල අලෙවි කිරීමට සුදානම් කර තිබියදී මෙලෙස ‍සොයා ගෙන ඇත. එහිදී අවුරුදු 39 සහ 42 වන වියෙහි පසුවන එම ‍ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

සැකකරුවන් සහ තහනම් දැල් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මුතුර්, ධීවර පරික්‍ෂක විසින් සිදු කරනු ලබයි.