වැදගත් සිදුවීම්

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ සමුළුවට සහභාගී වූ නාවික හමුදාධිපතිතුමා යලි දිවයිනට

ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද Sea Power 2019 - ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියානු හයවන ඒකාබද්ධ ක්‍රියාකාරි වැඩමුළුව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී විය.

14 Oct 2019

නාවික හමුදාව විසින් ඉලංකන්තයි සහ කල්ලඩිචේනෙයි ප්‍රදේශයන්හිදි තහනම් දැල් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 14) උදෑසන ඉලංකන්තයි සහ කල්ලඩිචේනෙයි ප්‍රදේශයන්හිදී සිදු කළ මුර සංචාරයක් අතරතුර නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තුනක් සොයා ගැනීමට සමත්ව ඇත.

14 Oct 2019

කේරළ ගංජා තොගයක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (ඔක්තෝබර් 14) මන්නාරමට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

14 Oct 2019

හඳුනා නොගත් මළ සිරුරක් නාවික හමුදාව විසින් සොයා ගැනේ

කොළඹ, වරාය පිවිසුම අසලදී හදුනානොගත් මළ සිරුරක් අද (ඔක්තෝබර් 14) නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයකදී සොයා ගැනීමට සමත් වී ඇත.

14 Oct 2019