වැදගත් සිදුවීම්

නාවික හමුදාව විසින් වෙරළ පිරිසිදු කිරීමේ සහ ජල ක්‍රීඩා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී පවත්වයි

2019 දෙසැම්බර් 09 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා නාවික හමුදා 69 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සහ ජල ක්‍රීඩා වැඩසටහනක් කොළඹ ගාලු මුවදොර පිටියේදී අද (2019 දෙසැම්බර් 29) සාර්ථකව පවත්වන ලදී.

29 Dec 2019

මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව ‌සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් මස 28 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

29 Dec 2019

මත් උවදුර සහ නීති විරෝධි සංක්‍රමණ කටයුතු සම්බන්ධව ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් නාවික හමුදා මූලිකත්වයෙන් කොළඹදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව මත් උවදුර සහ නීති විරෝධී සංක්‍රමණ කටයුතු පිළිබඳව ධීවර සංගම් නියෝජිතයින් හරහා බහුදින ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2019 දෙසැම්බර් මස 27 වන දින කොළඹ පිහිටි ප්‍රදීපාගාර අවහන්හල පරිශ්‍රයේදී පැවැත්විය.

29 Dec 2019