උතුරු මැද නාවික විධානයේ නව ආඥාපති වැඩ භාර ගනී
රියර් අද්මිරාල් ලලිත් දිසානායක 2020 ජනවාරි මස 31 වන දින උතුරු මැද නාවික විධානය භාර ආඥාපති වශයෙන් වැඩ භාර ගන්නා ලදී.
උතුරු මැද නාවික විධානය භාර හිටපු ආඥාපති, සුදත් කුරුකුලසූරිය විසින් උතුරු මැද නාවික විධාන මූලස්ථාන කාර්යාලයේදී සිය රාජකාරීන් නව ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානායක වෙත නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි. උතුරු මැද නාවික විධානය භාර ආඥාපති ලෙස වැඩ භාර ගැනීමට පෙර රියර් අද්මිරාල් ලලිත් දිසානායක, අධ්යක්ෂ ජෙනරාල් පරිපාලන වශයෙන් නාවික හමුදා මුලස්ථානයේ රාජකාරි කටයුතු කරන ලදි.
නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදා සම්මාන මුරයක් මගින් නව ආඥාපතිතුමන් පිළිගත් අතර, සම්මාන මුරය පිරික්සීමෙන් අනතුරුව බෞද්ධ ආගමික වතාවත් සිදුකර විධානයට අනුයුක්ත නිලධාරීන්ගේ සුභපැතුම් මධ්‍යයේ එතුමා සිය ධූරයේ කටයුතු ආරම්භ කරන ලදී. ඉන් අනතුරුව විධාන සම්මන්ත්රන ශාලාවේ දී උතුරු මැද නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, ජයන්ත ගමගේ ආයතනයන්හි අණදෙන නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් අමතා විධානයේ ඉදිරි කටයුතු ගැන සමාලෝචනයක් සිදුකරන ලදී.















