ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (2020 පෙබරවාරි 06) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
තවද, කොළඹ සිට ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශයේ ජල විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීම සඳහා පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් එච්ඒ හාඩස් (HA Hardas) ඇතුළු නිලධාරීන් පිරිස කාක දූපතේ පිහිටි ජල ශාස්ත්‍රීය කාර්යාලයේදී, ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රධාන ජල ශාස්ත්‍රීය නිලධාරී රියර් අද්මිරාල් සිසිර ජයකොඩි හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය. එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
දිගින් මීටර් 86 ක් සහ ටොන් 1920 ක ධාරිතාවයකින් යුත් ‘ජමුනා’ නෞකාව 2020 අප්‍රේල් 03 වන දින දක්වා ලංකාවේ රැදී සිටීමින් ජල විද්‍යාත්මක සමීක්ෂණයන් සිදු කිරීමට නියමිතව ඇත.
|
|



















