ශ්‍රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් තවත් කැස්බෑ පැටවුන් 78 ක් සාගරයට මුදා හරියි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය මගින් තවත් කැස්බෑ පැටවුන් 78 දෙනෙක් සාගරයට මුදා හැරීම අද (2020 මාර්තු 09) සිදු කරන ලදි.
ඒ අනුව, නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක නාවික හමුදා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක් වන ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ සංරක්ෂණය කර ආරක්ෂිතව රැකබලාගත් කැස්බෑ බිත්තර තුළින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 78 ක් අද (2020 මාර්තු 09) සාගරයට මුදා හැරීම ගිණිකොණ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු නෙවිල්ලේ උභයසිරිගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.
තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාර්යක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් මහත් කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.
|
|











