ගාල්ල ප්‍රදේශයේ වක්වැල්ල, අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට නාවික හමුදාව කටයුතු කරයි.

ගිං ග‍‍ඟෙහි සැඩ ජල පහරට හසුව ගසාගෙනවිත් ගාල්ල, වක්වැල්ල, අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් තුල සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලැස්වීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර අවධානම මැඩ පැවැත්වීමට නාවික හමුදාව 2020 ජුනි මස 03 සහ 05 යන දිනයන්හි කටයුතු කරන ලදී.

පසුගිය දිනයන්හි ඇතිවූ අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ ගොස් සැඩ ජල පහරට ගසාගෙන එනු ලැබූ විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ගාල්ල ප්‍රදේශයේ වක්වැල්ල, අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවීම හේතුවෙන්, ඇතිවිය හැකි ගංවතුර අවධානම් තත්වයට පෙර සූදානමක් වශයෙන් එම පාලම තුල සිරවී තිබු විශාල උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කරන ලදි. දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලද මෙම මෙහෙයුම සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් අනුයුක්ත කරන ලද අතර, මහත් පරිශ්‍රමයක් යොදා එම පාලම් ආශිතව ‍එක්රැස්වී තිබූ අපද්‍රව්‍ය ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාමට සැලැස්වීමට කටයුතු කරන ලදි

තවද, ඉදිරියේදීද ගංවතුර අවධානම මැඩ පැවැත්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.


වක්වැල්ල පාලම


අගලිය පාලම


දොඩම්ගොඩ පාලම