පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි නාවික හමුදාධිපති හමුවෙයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර (2020 ජුනි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.
නාවික හමුදාධිපතිතුමා විසින් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර නාවික හමුදා මූලස්ථානය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරි වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු නාවික හමුදාධිපතිතුමා හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.
එහිදී නාවික හමුදාධිපතිතුමා විසින් නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වෙත සිය හෘදයාංගම සුභපැතුම් එක් කරන ලද අතර, මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.






