වැදගත් සිදුවීම්
නාවික හමුදාධිපතිතුමා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් හමුවෙයි.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීමෙන් පසු, අද (2020 අගෝස්තු 21) කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, කොළඹ අගරදගුරු නිල නිවසේදී හමුවී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි.
22 Aug 2020
ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
සිය ධූර කාලය අවසන් කිරීමට නියමිත ශ්රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජාඩ් අලී 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
21 Aug 2020
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් හා නාවික උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.
21 Aug 2020
සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපති හමුවෙයි
ශ්රී ලංකා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජෙනරාල්, රියර් අද්මිරාල් (විශ්රාමික) ආනන්ද පීරිස් 2020 අගෝස්තු 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.
21 Aug 2020


