වැදගත් සිදුවීම්
‘MT New Diamond’ නෞකාවේ තුවාල ලැබූ නාවිකයා බේරාගත් නාවික විරුවන් ඇගයේ
පසුගිය සැප්තැම්බර් 03 වන දින ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමක් හේතුවෙන් ආපදාවට පත් MT NEW DIAMOND නැමති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ එම සිදුවීම හේතුවෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි නෞකා කාර්ය මණ්ඩලයේ තෙවන ඉංජිනේරු නිලධාරියාගේ ජීවිතය බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධවූ නාවික පුද්ගලයන්ගේ එම සුවිශේෂී ක්‍රියාව අගයා ඔවුන් වෙත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් ප්රශංසාත්මක ලිපි ලබා දීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
22 Sep 2020
ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සහ කණිෂ්ඨ නාවිකයින් 60 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්රදානය කෙරේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 75 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහ (5) සහ ප්‍රථම වරට නායකනැවි තරාතිරමේ නාවිකයින් 60 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ දෙක (2) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 සැප්තැම්බර් 21) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේ සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණි.
21 Sep 2020


