නයිජීරියානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

නයිජීරියානු ආරක්‍ෂක උපදේශක කොමදෝරු ඇන්තනී විකටර් කුජෝ (Commodore Anthony Victor Kujoh) අද (2022 පෙබරවාරි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කොමදෝරු ඇන්තනී විකටර් කුජෝ, ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි නයිජීරියානු තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ නයිජීරියානු ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ නයිජීරියානු ආරක්‍ෂක උපදේශක අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද. මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.