තුර්කි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

තුර්කි ආරක්‍ෂක උපදේශක කර්නල් කැන් ගොක්සෙන් ගොක්කයා (Col. Can Gokcen GOKKAYA) අද (2022 පෙබරවාරි 02) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කර්නල් කර්නල් කැන් ගොක්සෙන් ගොක්කයා, ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි තුර්කි තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ තුර්කි ආරක්‍ෂක, උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ තුර්කි ආරක්‍ෂක උපදේශක අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහඳ පිළිසඳරක් පැවැත්විණි.

අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.