වැදගත් සිදුවීම්
නාවික හෙඳ විදුහලේ හෙද පාඨමාලාව සම්පූර්ණ කළ හෙද සිසුන් 30ක් හෙද ප්‍රතිඥාව ලබා දෙයි
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා තක්ෂිලා ආයතනයේ ස්ථාපිත නාවික හෙද විදුහලේ 2021 වර්ෂයේ බඳවා ගැනීමට අයත් නාවික හමුදා සහ ගුවන් හමුදා හෙද සිසුන් 30 දෙනෙකුගේ හිස් වැසුම් පැලඳීමේ හා සේවයට ප්‍රතිඥා දීමේ උත්සවය 2022 මැයි මස 26 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
28 May 2022
සංග්‍රාමික සාහිත්‍යට එක්වන නවතම ග්‍රන්ථය, ‘කළු පරවියෝ’ නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි
පසුගිය මානුෂිය මෙහෙයුම් පැවති වකවානුවේ එල්ටීටීඊයේ ග්‍රහණයේ සිටි පාලක ප්‍රධාන සුළු නිලධාරී එම්ජිඒපි මඩදෙනිය, එක්ස්එස් 38801, එල්ටීටීඊ ග්‍රහණයේ සිටියදී ලද අත්දැක්ම් සහ ගතකළ දුෂ්කර කාලපරිච්ඡේදය අලලා රචිත ‘කළු පරවියෝ’ ග්‍රන්ථය 2022 මැයි මස 26 වන දින නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේ දී එළි දක්වන ලද අතර, එහි පිටපතක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගැන්වීම නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
27 May 2022


