වැදගත් සිදුවීම්
මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසල මහා පෙරහැරේ දියකැපීමේ මංගල්‍යයට නාවික හමුදා දායකත්වය
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ සතර මහා දේවාලයන්හි ඇසළ මහා පෙරහැරේ අවසානය සනිටුහන් කරමින් පේරාදෙණිය ගැටඹේ දියකපනාතොටේදී අද(2022 අගෝස්තු 12) උදෑසන පැවති දියකැපීමේ මංගල්‍ය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය දක්වන ලදී.
13 Aug 2022
ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතයෙන් විසිතුරු සමරු ඵලක නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්
නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී ශිල්පීය දායකත්වයෙන් හා ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගී කරගනිමින් නාවික හමුදාවේ අවශ්‍යතාවය සඳහා සමරු ඵලක නිර්මාණය කිරීම වෙනුවෙන්, වැලිසර නාවික හමුදා යාත්‍රා තැනීමේ අංගණයේ ආරම්භ කළ සමරු ඵලක නිෂ්පාදන ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල විසිතුරු සමරු ඵලක ආකෘති, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ නිරීක්ෂණය සඳහා ඉදිරිපත් කිරීම අද (2022 අගෝස්තු 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
12 Aug 2022
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි
පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (2022 අගෝස්තු 12) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
12 Aug 2022


