වැදගත් සිදුවීම්

බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ නිපෝන් රග්බි පළඟ ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

බස්නාහිර පළාත් වයස අවුරුදු 24 න් පහල, සත් සාමාජික රග්බි ශූරතාවය සහ අන්තර් සමාජ පළමු පෙළ 2021/2022 නිපෝන් තීන්ත රග්බි තරඟාවලියේ පළඟ ශූරතාවය නාවික හමුදා රග්බි කණ්ඩායම් විසින් දිනාගත් අතර, ජයග්‍රාහී රග්බි කණ්ඩායම් නායකයන් විසින් එම රග්බි කුසලාන නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත ඉදිරිපත් කිරීම අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

22 Sep 2022

‘සයුරුසර’ සඟරාවේ 45 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 45 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.

22 Sep 2022

ඉන්දියාවේ රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉන්දියාවේ, රාජකීය නෙදර්ලන්ත තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් රොබට් වෑන් බෲඉන්සන් (Captain Robert van Bruinssen) අද (2022 සැප්තැම්බර් 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

21 Sep 2022

නාවික හමුදා නිල වෙබ් අඩවිය රන් හා ලෝකඩ පදක්කමෙන් සම්මානයට පාත්‍ර වෙයි

‘LK Domain Registry’ආයතනය මගින් පවත්වන ලද ‘BestWeb.lk 2022’ තරඟාවලියේදී රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවි කාණ්ඩය යටතේ රන් පදක්කමක් සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවි කාණ්ඩය යටතේ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ www.navy.lk නිල වෙබ් අඩවිය සම්මානයට පාත්‍ර වූ අතර, ඒ වෙනුවෙන් නාවික හමුදාව වෙත ප්‍රදානය කරන ලද සම්මාන, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිරිනැමීම 2022 සැප්තැම්බර් මස 20 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

21 Sep 2022