ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියට එක් වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජයබාහු’ නමින් අධිකාරියට පත් කිරීම 2022 නොවැම්බර් මස 22 වන දින කොළඹ වරාය පරිශ්‍රයේ නැගෙනහිර පර්යන්තයේදී සිදුකෙරිණි. මෙම අධිකාරියට පත්කිරීමේ උත්සව අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලි චන්ග් මැතිණිය, වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆීලීට්, වසන්ත කරන්නාගොඩ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක මහතා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහ ශ්‍රී ලංකා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වී සිටියහ.