වැදගත් සිදුවීම්
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අභියස නත්තල් කැරොල් ගී ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදාව එක් වෙයි
ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය අභියසදී 2022 දෙසැම්බර් මස 18 වන දින පස්වරුවේ ආරම්භ වූ අතර, එම ප්‍රසංගය වර්ණවත් කිරීම සඳහා නාවික හමුදා වාද්‍ය වෘන්දය සහ සංස්කෘතික නර්ථන කණ්ඩායම 2022 දෙසැම්බර් මස 21 වන දින සන්ද්‍යාවේදී දායකත්වය ලබා දෙන ලදී.
23 Dec 2022
ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේ කණිෂ්ඨ නාවිකයින්ගේ නවාතැන් පහසුකම් පුළුල් කෙරේ
ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණය තුල කණිෂ්ඨ නාවිකයින්ගේ නවාතැන් පහසුකම් පුළුල් කරමින්, නිකල්සන් කෝව් ජැටියට (Nicalson Cove pier) ආසන්නයෙන් අභිනවයෙන් ඉදිකරන ලද කණිෂ්ඨ නාවික නිවාස ගොඩනැගිල්ල, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න ගේ ප්‍රධානත්වයෙන් 2022 දෙසැම්බර් මස 21 වන දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.
23 Dec 2022
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අභිනව නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්, රියර් අද්මිරාල් පූජිත විතාන අද දින (2022 දෙසැම්බර් 22) නාවික හමුදා මූලස්ථානයේදී අභිනව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය.
22 Dec 2022


