ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූලිකත්වයෙන් හා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද නාවික හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2022, "May your days be merry and bright and may all your Christmases be white" යන තේමාව පෙරදැරිව දෙසැම්බර් මස 23 වන දින සන්ධ්‍යාවේදී නාවික හමුදා මූලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු නාවික හමුදාධිපති වරයෙකු වන දේශමාන්‍ය අද්මිරාල් (විශ්‍රාමික) ඩීබී ගුණසේකර සහභාගි විය.