වැදගත් සිදුවීම්

නාවික හමුදාව මඟින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් නිපදවන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍රයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් පරිදි දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක විසින් මීගස්ආර, ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවකු වෙත අද දින (2023 ජනවාරි 06) තංගල්ල, මාලිමා උත්සව ශාලාව සහ නාවික නිවාඩු නිකේතනයේදී ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

07 Jan 2023

Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 නාවික හා සාගරික විද්‍යාපීඨයේදී සාර්ථකව පවත්වයි

නාවික හමුදා දියත් විධානය විසින් සංවිධානය කරන ලද Inter Ship/ Craft ROR, Rigging, Semaphore and Flashing Competition - 2022 ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී 2023 ජනවාරි මස 05 වන දින සාර්ථකව පැවැත්විණි.

07 Jan 2023

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් නෙවිල් උභයසිරි සිය වසර 34 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් අද දින (2023 ජනවාරි 06) විශ්‍රාම යන ලදී.

06 Jan 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 395 දෙනෙක් විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 249 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 395 ක් සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර 2023 ජනවාරි මස 05 වන දින බූස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යන ලදී.

06 Jan 2023