ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය, නෝර්ත්වින්ඩ් ප්‍රොජෙක්ට් ආයතනය හා සහයෝගයෙන් යාපනය, කරෙයිනගර් හිදී සංවිධානය කළ තෙවන (03) ජීවිතාරක්ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් අට දෙනෙකු (08) වෙත සහතික පත්‍ර ප්රදානය කිරීම, උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රියාල් විතානගේ ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 06 වන දින කරෙයිනගර්, ෆෝර්ට් හැමන්හිල් අවන්හලේදී සිදු කෙරිණි.