වැදගත් සිදුවීම්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති තුමිය සහ නාවික හමුදාධිපති අතර නිල හමුවක්
ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනිය වශයෙන් කටයුතු කරනු ලබන ගරු ජූලි ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර නිල හමුවක් අද දින (2023 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
27 Jan 2023
CARAT – 2023 ද්වීපාර්ශ්වීය අභ්‍යාසය සාර්ථකව අවසන් කරමින් ‘USS Anchorage’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ (LPD - 23) යුද නෞකාව, සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ ද්වීපාර්ශ්වීය නාවික අභ්‍යාසය - 2023 (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–2023) සඳහා සාර්ථකව සහභාගීවීමෙන් අනතුරුව, අද දින උදෑසන (2023 ජනවාරි 27) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායේදී එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම සිදු කෙරිණි.
27 Jan 2023


