බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS TAMAR’ නෞකාව 2023 ජනවාරි මස 27 වන දින අළුත්වැඩියා කටයුත්තක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර, එහි අණදෙන නිලධාරී කොමාණ්ඩර් ටීලො එළියට් - ස්මිත් (Commander Teilo Elliot – Smith) සහ බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර හමුවක් 2023 ජනවාරි මස 28 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි.